සිසුවියක් අපයෝජනය කළ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් රක්ෂිත බන්ධනාගාරයට

16 හැවිරිදි සිසුවියක් අපයෝජනය කළ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් විදේශ ගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර ගුරුවරිය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වනදදක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ඊයේ (18) නියෝග කළේ.

මෙලෙසින්රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මොරටුව, කල්දමුල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි දෙදෙරු මවක්.
සිද්ධියට මුහුණ පෑ අදාළ සිසුවිය සිය දෙමව්පියන් සමඟ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය වෙත පැමිණ පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 07 වනද‍ා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකාර ගුරුවරිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, ඇයගේ විදේශ ගමන් තහනම් කර ඒ පිළිබඳව ආගමන විගමන පාලක වෙත දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ මහතා එදින නියෝග කර තිබුණා.

ඒ වනවිටත් සැකකාර ගුරුවරිය විදේශ ගතව සිට ඇති අතර, ඇය පෙරේදා (17) දිනයේ නැවත දිවයිනට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් කරනු ලැබුවා.

කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් වන සැකකාරිය ආගම ඉගැන්වීමට යැයි පවසමින් මොරටුව, කල්දමුල්ලේ තම නිවසේ පැවැත්වෙන අමතර පංතියකට අදාළ සිසුවියව ගෙන්වා ගෙන විවිධ අසභ්‍ය වීඩියෝ පට පෙන්වා, ඇයව බරපතල අයුරින් අපයෝජනයට ලක් කර ඇතැයි එහිදී පොලීසිය අධිකරණයට කරුණු වර්තා කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top