ගෙදර මාළු ටැංකියට වැටී මියගිය බිළිඳා

නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිලිඳකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

 

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි විහේල දෙදියගල නමැති බිලිඳෙකි.

 

මියගොස් ඇති දරුවා නිවස ඉදිරිපිට මාළු ටැංකිය අසල රැඳී සිට ඇති අතර, ඔහු දක්නට නොලැබුණු බැවින් මව සොයා බැලීමේ දී ටැංකියට වැටී සිටින අයුරු දැක ඇති බව සඳහන් වෙයි.

 

අනතුර සිදුවන අවස්ථාවේ බිලිඳාගේ පියා නාන කාමරයේ සිට ඇති බවත්, වැඩිමහල් සොහොයුරන් දෙදෙනා සාලයේ පාඩම් කරමින් සිට ඇති බවත් පරීක්ෂණවලදී හෙළිව ඇත.

 

දරුවා මාළු ටැංකියෙන් ගොඩගෙන ප්‍රථමාධාර ලබාදීමෙන් පසු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

 

එහිදී ද ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. පසුව බිලිඳා මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top