මේ පුද්ගලයා දන්නවානම් පොලීසියට කියන්න, පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්

පසුගිය දෙසැම්බර් 13 වන දින කඳාන පොලිස් වසමේ විදී මාවතේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිස් ස්ථානය මඟින් විමර්ශන සිදුකර අපරාධය සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු හා අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙම අපරාධයේ වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයා යතුරු පැදියෙන් බැස මාර්ගයේ පා ගමනින් ගමන් කරන ආකාරයේ විඩියෝ දර්ශන හා ඡායාරූප සී. සී. ටී. වී දර්ශන මඟින් විමර්ශන නිලධාරීන් විසින් ලබාගෙන ඇති අතර අදාළ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

පොලිසිය ඉල්ලා සිටින්නේ, සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු පිළිබඳව යම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසයි.

මෙම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසද පොලිසිය දන්වා සිටියි.

සහකාර පොලිස් අධිකාරි කැලණිය (iii) 071-8591595

ස්ථානාධිපති – කඳාන 071-8591594

 

Gallery

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top