නුවරඑළියට අවධානම් තත්ත්වයක්, හදිසියේ ගත් තීරණය මෙන්න

නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර තිබෙනවා.

ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු මේ වනවිට හයිපොරස්ට් පාසලේ තාවකාලිකව නවතා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස සඳහා අවශ්‍ය පිසූ ආහාර, ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා ඒකකය විසින් දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top