ජනපති යාපනයට එන වෙලාවට මන්ත්‍රී අර්චුනා ඇතුළු පිරිසක් කරන්න සැලසුම් කරපු දේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් හෙට (31) යාපනයේ සංවිධානය කර ඇති අතර උද්ඝෝෂණ වලට එරෙහිව යාපනයේ කිසිම ස්ථානයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරන වාරණ නියෝගයක් ඉල්ලමින් යාපනය පොලීසිය යාපනය අධිකරණයට ඊයේ (29) දා පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.

ඒ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෙට යාපනයට පැමිණෙන විට යාපනයේ ස්වාධීන මන්ත්‍රී අර්චුනා අතුලු තවත් සංවිධාන කීපයක පිරිස උද්ඝෝෂණ හා විරෝධතා මාලාවක් සංවිධානය කොට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවයි.

යාපනයේ කීසියම් ප්‍රදේශයක එවැනි යමක් සිදු වුවහොත් එය මහජන සාමයට හා නීතිය හා සාමය පවත්වා ගෙන යාමට විශාල බාධාවක් වන හෙයින් එම උද්ඝෝෂණ වලට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කරණ ලෙස පොලීසිය යාපනය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ පිළිබදව කරුණු විමසා බලා තීරණයක් ගැනීම පිණිස පොලීසිය විසින් එම පෙත්සමේ නම් සදහන් කොට ඇති පුද්ගලයින් කීප දෙනෙකුට අද( 30 ) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබිණි.

අර්චුනා මන්ත්‍රීවරයාටද මෙම දැණුම් දීම අධිකරණයෙන් සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top