බිග් මැච් සංවිධානයට යමින් සිටි සිසුන් දෙදෙනා බස් රථයකට යටවෙයි – සිසුවෙකුට දිවි අහිමි වෙයි

මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ක්‍රිකට් තරගයක සංවිධාන කටයුතු සඳහා යතුරුපැදියකින් යමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු අද (02) උදෑසන බස් රථයක ගැටී තිබේ.

අනතුරකින් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ 12 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

බරපතළ තුවාල ලැබූ සිසුවා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මහනුවර – දිගන මාර්ගයේ පල්ලේකැලේ යුද හමුදා කඳවුර ඉදිරිපිටදී දිගන දෙසින් පැමිණි බස් රථයේ එම සිසුන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය ගැටී සිසුන් දෙදෙනා බස් රථයට යටවී ඇති බව පැවසෙයි.

එම සිසුන් දෙදෙනා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ක්‍රිකට් තරගයක (බිග් මැච්) සංවිධාන කටයුතු සඳහා යමින් සිටියදී මෙම බිහිසුණු අනතුර සිදුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top