මුදල් ආරවුලක් හේතුවෙන් සිය මව ඝාතනය කළ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වී අත්තේ අවුරුදු 40ක් වන සිත්තාණ්ඩි 04 ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සන්දිවේලි පොලිස් වසමේ සිත්තාණ්ඩි 04 වෙළඳපොළ අසලදී ඊයේ (17) පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇති බව පැවසෙයි.
පොලිසිය සඳහන් කළේ, මරණකාරිය හා ඇයගේ පුත්‍රයා අතර ඇති වූ මුදල් ආරවුලක් හේතුවෙන් පුත්‍රයා විසින් අතින් පයින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.
ඒ අනුව අපරාධයට සම්බන්ධ අවුරුදු 20ක් වන සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර සන්දිවේලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
