සෙන්ටිනලීස් ගෝත්‍රික ජනතාවට ඩයට් කෝක් පිරිනැමූ යූ ටියුබ්කරුට වසර පහක සිර දඬුවමක්..

අතිශයින් අනතුරුදායක සංචාරයන් කරන YouTuber කෙනෙකු වූ මිහාලියෝ වික්ටෝරොවිච් පොලියාකෆ් (Mykhailo Viktorovych Polyakov) මේ වන විට නීතිමය ගැටළු රැසකට මුහුණ දී සිටිනවා.
මිහාලියෝ පසුගිය වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේ අන්දමන් දූපත් වල හුදකලා වූ සෙන්ටිනලීස් ජනතාව සමඟ සම්බන්ධතා පැවැත්වීමට උත්සාහ කිරීම ඊට හේතුවයි.
එම උත්සාහය නිසා 2025 මාර්තු මාසයේදී ඔහු අත්අඩංගුවට පත් වූ අතර Port Blair අධිකරණයක් විසින් මෙම සතියේ ඔහුගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරනු ලැබුවා.
ඔහු මෙහිදී මෙම ගෝත්රික ප්රජාව වෙත ඩයට් කෝක් පානයන් ලබා දෙමින් ගෝත්රිකයන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර තිබුණා. ඒ සඳහා ඔහු rubber dinghy බෝට්ටුවකින් පැය 9ක් ගමන් කර ඇතැයි සඳහන් වෙනවා.
සෙන්ටිනලීස්වරු කුඩා ජනගහනයක් වන අතර බාහිර ලෝකයෙන් හුදෙකලා බැවින් රෝගවලට අතිශයින් ගොදුරු වීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වන්නේ. සෝඩා කෑන් එකකට පවා මාරාන්තික දූෂණයක් ඇති කළ හැකිය.
එබැවින් මෙම ජන කොට්ඨාශය සමඟ පිටස්තර පුද්ගලයින් සම්බන්ධ වීම දැඩි ලෙස තහනම්ය. දිවයිනේ සිට කිලෝමීටර් පහක් ඇතුළත කිසිවෙකුට පැමිණීම නීති මගින් තහනම් කර ඇති අතර, මිහාලියෝ මෙම සීමාවන් නොසලකා හැර ඇති බවටයි චෝදනා එල්ල වුණේ.
සෙන්ටිනලීස් ජනතාව වසර 60,000 ක් පමණ උතුරු සෙන්ටිනල් දූපතේ වාසය කරමින් සිටින ගෝත්රික ප්රජාවකි. සෙන්ටිනලීස් ජනතාව ලෝකයේ වඩාත්ම හුදෙකලා ජන කොට්ඨාශයක් වන අතර දඩයම්කරුවන් ලෙස ජීවත් වෙනවා.
මිහාලියෝ අප්රේල් 29 වන දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. වැරදිකරු බව තහවුරු වුවහොත්, ඔහුට වසර 5ක් දක්වා සිර දඩුවමක් ද ලැබිය හැකි බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top