අද සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වුණු වීඩියෝවක් වුණේ තරුණියක් සිය යතුරුපැදියෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කරන දර්ශනයකි. බොහෝ දෙනෙක් මේ ගැන විවිධ මත පළ කරනවා.
යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා අධිවේගී මාර්ගය තහනම් බව අප කවුරුත් දන්නා කරුණක්. නමුත් මේ තරුණිය ආරක්ෂිත හිස්වැසුම් සහ ජැකට් එකක් ද පැළඳ ඉතා විශ්වාසයෙන් යුතුව පිවිසුම් දොරටුව වෙත පැමිණෙන ආකාරය එහි දැකගත හැකියි.නමුත් ඇයව හරවා යැවීමට නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
බොහෝ දියුණු රටවල යම් ධාරිතාවයකින් (CC) වැඩි යතුරුපැදි සඳහා අධිවේගී මාර්ග විවෘතයි. සමහරවිට ඇය විදේශයක සිට පැමිණි අයෙක් හෝ එම සංස්කෘතියට හුරු වූවෙක් විය හැකියි.
