මේ පිරිස 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා ඊයේ නියෝග කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි එම වෙළඳ සැලේ සේවයේ නිරත තවත් සේවිකාවක් සහ සේවකයෙක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණය වෙන ඉදිරිපත් කළ අතර සැකකරුවන් හන්දෙනා 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, මේ පිළිබඳ රාගම පොලීසිය පර්යේෂණ පැවැත්වුවැ.
මෙහිදි රාගම පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කෙළේ,
”මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මීට ආධාර හා අනුබල දීම මත එම වෙළෙඳසලේ තවත් සේවකයින් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ සිද්ධිය විඩියෝ කළ ජංගම දුරකථනය අත්අඩංගුවට ගත්තා. නමුත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙළෙඳසලේ සී.සී.ටී.වී.කැමරාවල රූපරාමු නිරීක්ෂණය කිරීමට තිබෙනවා. තවම මෙහි විමර්ශන අවසන් නැහැ.” යනුවෙන්.
සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වමින්,
”මීට අදාළ සිදුවීම සුළු සිදුවීමක් වෙනවා. ඒ නිසා එයට ඇප ලබා දිය හැකියි. මේ සිද්ධියට මුහුණ පෑ කාන්තාව එම වෙළෙඳසලේ භාණ්ඩ සොරකම කළ තැනැත්තියක් වෙනවා. ඒ නිසා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයින්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.”
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතීඥ සුදර්ශන වික්‍රමරත්න විසින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ,
”අදාළ සිදුවීම සුළු කරුණක් නෙවෙයි. කාන්තාවගේ කොණ්ඩය කැපීමෙන් පසුව කොණ්ඩය වැවීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. පිරිමියෙකුගේ වගේ නොව කාන්තාවකගේ කොණ්ඩය කැපුවාම ඇය සමාජයේ ප්‍රශ්න කිරීම්වලට පවා මුහුණ දීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා. ඇය භාණ්ඩ සොරකම් කළා නම් එම භාණ්ඩ ඇය ළඟ තිබෙන්නට ඕන. ඇය ළඟ නැහැ. එහෙම නම් ඇය භාණ්ඩ සොරකම් කරලා නැහැ. සැකකරුවන්ට ඇප ලබා දුන්නොත් මහජන කැළඹිලි ඇති වන්නට පවා ඉඩ තිබෙනවා.”
දෙපාර්ශවයේම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාරිය හා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
රාගම පොලිසිය විසින් මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ සුදර්ශන වික්‍රමරත්න පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන රාජිකා සිල්වා, සුගත් තල්වත්තේගෙදර හා පී.රණගල පිරිසක් පෙනී සිටියා.
