ලොක්කෙක් වට කර විරෝධතා… ගොම ගසා හූ කියති…

දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල මේ ෆීල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් (21) දින වැඩ වර්ජනයක නිරත වෙමින් වතු පාලන අධිකාරියේ නිළධාරින් කිහිප දෙනෙකුට ගොම ප්‍රහාරයක් එල්ල කර එම නිළධාරින්ව කාර්යාලයට සීමා කර වතු කම්කරුවන් වතු කාර්යාලය වට කරගෙන සිටියි.

 

එම වතුයායේ පාලන අධිකාරිය විසින් වත්තේ මුරකරුගේ සේවය තාවකාලිකව (21) දින සිට නතර කර ඇති බවත්තේ වත්තේ ගැටළු කථා කිරිමට යන ඕනෑම වතු කම්කරුවෙකුගේ වැඩ තාවකාලිකව නතර කිරිම වතු පාලන අධිකාරිය දිගින් දිගටම සිදු කරන බවයි උද්ගෝෂණයේ නිරතව සිටි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.

එම වතුයායේ සහකාර වතු අධිකාරිවරුන් දෙදෙනෙකුට සහ ක්ශ්‍රේත්‍ර නිළධාරියා සමග එම වත්තේ දළු මඩුවෙදි සාකච්ඡා කරමින් සිටියදී වතු කම්කරුවන් පිරිසක් එම නිළධාරින් පිරිසට ගොම ප්‍රහාරයක් එල්ල කර ඇත.

පසුව දිඹුල පතන පොලිසියේ නිළධාරින් පැමිණ වතු කම්කරුවන් භාරයෙ සිටි වතු පාලන අධිකාරියේ නිළධාරින්ව එම වතුයායේ කාර්යාලය වෙත රැගෙන ගොස් දෙපාර්ශවය අතරසාකච්ඡාවක් ලබා දීමට දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත.

දෙපාර්ශවයේ සාකච්ඡා එකගතාවයකින් තොරව අවසන් වූ බවත්වතු පාලන අධිකාරිය මාරු කරන තෙක් තමන් තේ වත්තේ වැඩට නොයෙන බවයි උද්ගෝෂණයේ නිරත වතු කම්කරුව්න කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top