අස්වැසුම දීමනාව ඉහලට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) අප්‍රේල් මාසයේදී පමණක් අස්වැසුම දීමනාව 7500කින් වැඩි කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අස්වැසුම රුපියල් දස දහසක් ලැබෙන අයට අප්‍රේල් මාසයේදී රුපියල් 5000කින් අස්වැසුම වැඩි කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. තේ වගාව සඳහා දුන් රුපියල් 4000ක දීමනාව රුපියල් පන්දහස දක්වා වැඩි කරන බවද ජනාධිපතිවරයා කීය.

Read More

ජනපතිගෙන් දවල් 12ට සහන පැකේජයක්.

මහජනතාව වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද සහන පැකේජයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව සභානායක බිමල් රත්නායක මහතා සභාවට දැනුම් දුන්නේය. මෙම සහන පැකේජය මඟින් වත්මන් ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සැලකිය යුතු සහනයක් සැලසීම රජයේ අපේක්ෂාව බව ද බිමල් රත්නායක මහතා සඳහන් කළේය. ජනතාව වෙනුවෙන් අලුත් අවුරුදු…

Read More

පොලීසියේ තිබු රියදුරු බලපත් 41ක් සොරකම් කරලා

(ගයාන් සූරිය ආරච්චි) වැලිමඩ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ තිබූ රියදුරු බලපත්‍ර 41 ක් සොරා ගත් බව කියන සැකකරුවෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්‍යාලය පවසයි. සැකකරු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී එම රියදුරු බලපත්‍ර ඔහුගේ නිවසේ නිදන කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදී පොලිසිය සොයාගෙන ඇත. බීමතින් රිය පැදවීමේ චෝදනාව මත…

Read More

මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. හතළිස් වැනි  අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

Read More

මෙරට මත් ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක අපරාධකරුවන් 23ක් හඳුනා ගැනේ.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවන් 23දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම සියලු ජාවාරම්කරුවන් මේ වන විට විදෙස් රටවල සැඟව සිටින බවය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නිරන්තරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ට දේශපාලනඥයින් විසින් දිගින්…

Read More

පාස්කු මහ මොලකරු අල්ලන හැටි කිරිඇල්ල කියයි..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර කිහිපයකට පසු ප්‍රථම වතාවට නිර්දේශ ඇතුළත් ‘බී’ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වී ඇති බැවින්, ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳ අවසන් තීරණය ගැනීම අධිකරණයට භාර කළ යුතු බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ කිරිඇල්ල මහතා මෙසේද පැවසීය. “පාස්කු ප්‍රහාරයෙන් පසුව…

Read More

ඉඩම් නිලධාරියෙක් ලෙස රඟපා මුදල් අරන්

(ගයාන් සූරියආරච්චි) ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කාන්තාවක පදිංචි ඉඩමට ඔප්පුවක් සාදා දෙන බව පවසා රුපියල් 275,000 ක මුදලක් ලබාගත් බව කියන සාමිමලේ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවකු අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තෙ සමිමලේ අප්කට්, ගවරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක කරන ලද පැමිණිල්ලකට…

Read More

අවුරුදු උත්සවවලට යන්නන්ට විශේෂ අවවාදයක්

(ගයාන් සූරියආරච්චි) අධික උෂ්ණත්වයක් පවතින මෙම කාලසීමාවේ අවුරුදු උත්සව අතරතුර හිරුඑළියට නිරාවණයවී ජන ක්‍රීඩා කිරිමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස රජයේ භෞත චිකිත්සක නිලධාරින්ගේ සංගමයේ සභාපති රොබින් ජෑන්ස් මහතා පවසයි. අධික උෂ්ණත්වය නිසා දහදිය මගින් ශරීරයෙන් ජලය සහ ලවණ විශාල ලෙස බැහැරවීම නිසා ශරීරයේ ජලය අඩුවීම, මාංශපේෂීන් පෙරළීම, අධික තෙහෙට්ටුව, හිසරදය, කරකැවිල්ල, වමනය සහ අධික…

Read More

ගෑස් මිල වැඩි වුනේ යුද්දෙ නිසා.. අපි කැමැත්තෙන් වැඩි කරන්නෑ..- මාලිමා මන්ත‍්‍රී මංජුල සුරවීරආරච්චි

ජාත්‍යන්තර තත්වට අපේ රටේ විපක්ෂයට තේරෙන්නේ නැති නිසා ඔවුන් අසීරු තත්වයට වැටිලා, ඔවුන් රටේ ජනතාව උසි ගන්වනවා ප්‍රභන්ධ හදමින් විකෘති කරමින් බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය. මංජුල සුරවීරආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ, හැටන් ලංගම ඩිපෝවේ පැවති උත්සව කිහිපයකට සහභාගි වීමෙන් අනතුරුවය. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීර ආරච්චි මහතා කියා සිටියේ,…

Read More

මේ සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි බදාදා නිවාඩුව අවලංගු කෙරේ

මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ අනිද්දා එනම් 8 වෙනි බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වන බවය. එමෙන්ම ඒ මහතා පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවය. රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන්…

Read More
Back To Top