මගේ දුරකතන ඇමතුමක් විකෘති කරලා.. ජනතාවනි රැවටෙන්න එපා..- ගල් අගුරු සභාපතිගෙන් නිවේදනයක්

සමාජ මාධ්‍යවල සංසරණය වන තමා සහ ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල්අඟුරු සැපයුම්කාර සමාගමේ නියෝජිතයෙකු අතර ඇතිවූ බව කියන දුරකතන සංවාදය පිළිබඳව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තමා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස ගල්අඟුරු සැපයීම සඳහා කැඳවන ලද ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසි සුදුසුකම් ලත් මෙන්ම ඒ වනවිටත්…

Read More

ඇමති විජේපාල නිල නිවසක් විවෘත කරයි..

මාතර කොට්ඨාසයේ නිලධාරීන් සඳහා නිලධාරීන් 300 කට අසුන් ගැනීමට හැකි වන පරිදි නවීන තාක්ෂණයට අනුව අංග සම්පූර්ණ වායූ සමීකරණය කරන ලද දේශන ශාලාවක් සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක නිළ නිවස විවෘත කිරීම 2026.04.12 දින සවස් කාලයේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් මාතර පොලිස් ස්ථාන භූමියේදී පැවැත්විණි. මෙම අවස්ථාවට…

Read More

කෝටි දෙකක අධිබලැති යතුරු පැදි පහක් සමග ගරාජ් හිමියෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ ) මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි රුපියල් කෝටි 02 ආසන්න වටිනා අධිබලැති යතුරුපැදි පහක් එකලස් කරමින් සිටි ගරාජ් හිමියකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි. එම ස්ථානයේ එකලස් කර තිබූ එක් යතුරුපැදියක් රුපියල් ලක්ෂ 65 කට ආසන්න වටිනාකමින් යුත් එකක් බව පොලිසිය සඳහන් කරයි. පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති චමින්ද කුලසිංහ මහතාට ලද තොරතුරකට…

Read More

ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ගම්පහ ප්‍රදේශයේ පදිංචි “උඩුගම්පල අලයා” නැමැත්තා මෙලෙස ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුද වේ. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු සම්බන්ධව ඉදිරියේදී ශ්‍රී ලංකා පොලීසිය වෙත දැනුවත් කර මෙරටට යොමු කිරීමටද නියමිත බවද…

Read More

ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා, තවමත් දරුණු තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය පවසයි. මැදපෙරදිග යුද්ධය ආරම්භයේදීම එල්ල වූ ප්‍රහාරයකින් එවක ආධ්‍යාත්මක නායක අයතුල්ලාහ් අලි කමේනි ඝාතනය වූ අතර, එම අවස්ථාවේදී ඔහුගේ පුත් මොජ්තබා කමේනිද ඒ අසල සිට ඇති බව එහි දැක්වේ. මධ්‍යම ටෙහෙරානයේ උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ…

Read More

උසේන් බෝල්ට් පසෙකට.. ධාවන පිටියට ආ ඕස්ට්‍රේලියානු කඟවේනා මෙන්න..

ධාවන පිටියේ ඉතිහාසය අලුත් කළ ඔහු කවුද..? , මේ ඇසෙන්නේ අන්න ඒ ගැන විශේෂ ආරංචියක්.. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200 ඉසව්ව තත්පර 20කට වඩා අඩු කාලයකින් නිම කරමින් ලොව මවිත කිරීමට යොවුන් ක්‍රීඩක ගවුට් ගවුට් (Gout Gout) සමත්ව තිබෙනවා. ගවුට් ගවුට් මීටර් 200 ඉසව්ව තත්පර 19.67 කින් නිම කරමින් පිට පිටම දෙවැනි…

Read More

පවුලම බේරගන්න පැය ගාණක් මුහුදේ පීනපු පුංචි වීරයා

අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවො කියන්නේ මුළු ලෝකෙම. හැබැයි ඒ අම්මා වෙනුවෙන් තමන්ගේ මුළු ලෝකයම, ඒ කියන්නේ තමන්ගේ ජීවිතයම වුණත් පරදුවට තියන්න දරුවෙක් සූදානම් වෙන වෙලාවල් තියෙනවා. හිතන්න, රකුසු රළ ගෙඩි මැද, ගොඩබිම පේන මානයකවත් නැති අඳුරු මුහුදක තමන්ගේ අම්මයි, මල්ලියි, නංගියි මරණයත් එක්ක සටන් කරනවා. අවුරුදු 13ක පොඩි දරුවෙක්ට ඒ වෙලාවේ කරන්න පුළුවන් මොනවද? ගොඩක්…

Read More

කැවිලි කන්න ආසයි. ඒවායේ සුවඳ විඳින්න හම්බවෙන්නෙත් නැහැ. මේ හම්බවෙන කාලෙට උපරිමයෙන් කැවිලිවල රසවිඳිනවා

සංජය මුරමුදලි සහ අපූර්වා ආශාවරි කියන්නේ මේ දිනවල බොහොම ජනප්‍රිය චරිත දෙකක්. පුංචි තිරයේ මේ දෙන්න ගැන මේ දවස්වල හරි හරියට කතාබහ වෙනවා. ඉතිං මේ අවුරුද්ද සංජය වගේම අපූර්වා එකතුවෙලා සමරන්නේ කොහාමද කියල දැනගන්න අපි ඒ දෙන්නට කතා කළා. කොහොමද අවුරුද? අවුරුදු හොඳයි. ගිය අවුරුද්දේ අවසාන කාලයේදී දිට්වා සුළි කුණාටුවත් එක්ක අපේ වැඩකටයුතු ටික පොඩ්ඩක්…

Read More

මාධ්‍යයෙන් පෙන්වන්නේ නියම ජන ක්‍රීඩා නෙමෙයි… – සහන් රංවල

කොහා හඬනකොට වගේම අවුරුදුත් ළඟයි කියලා කට්ටිය කියනකොට වගේම අපේ ජන සංගීතය කිව්ව හැටියේ අපිට මතක් වෙන නම් කිහිපයක් තියෙනවා. එයින් එකක් තමයි සහන් රන්වල ඇතුළු රන්වල බළකාය. ඔහුගේ ආදරණීය පියා, ලයනල් රන්වලයන්ගේ උරුමයට තවත් යමක් එක් කරමින් අවුරුදු කාලෙට විතරක් සීමා නොවී ලංකාවේ ජන සංගීතයට ඔහු යමක් කරන්න උත්සාහ කරනවා. මෙදා පාර අවුරුද්දේ රන්වල…

Read More

සුභාෂිනී දිවි නසාගත්තේ ශාස්වි බාලා ලෙස අනන්‍යතාවය වෙනස් කර ගැනීමට දැරූ වේදනාත්මක වෑයම නිසාද?

ශ්‍රී ලංකාවේ උපන් ජනප්‍රිය දමිළ රූපවාහිනී හා සිනමා නිළියක වු සුභාෂිනී බාල සුබ්‍රමනියම් ඉකුත් අප්‍රේල් හය වැනිදා චෙන්නායිහි පිහිටි ඇගේ නිවසේදී මිය ගොස් තිබුණේ ඇගේ සමකාලීනයන් ඇතුළු ශ්‍රී ලාංකික රසිකයින් කම්පනයට ලක් කරමිනි.ඇය සිංහල ප්‍රේක්ෂකයා වැළඳගත් නිර්මාණය වූයේ අශෝක හඳගමගේ විසින් නිර්මාණය කළ ඉනි අවන් චිත්‍රපටයයි.ඉන් කෙටි කලකට පසු ඉන්දියාවට ගිය සුභාෂිනී පිළිබඳ ලාංකික රසිකයින්ටද…

Read More
Back To Top