මෙරට ළමා පිළිකා රෝග සුවකිරීමේ හැකියාව ඉහළට

මෙරට ළමා පිළිකා රෝග සුව කිරීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව මහරගම අපේක්ෂා රෝහලේ (ජාතික පිළිකා ආයතනය) ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක මහතා පවසයි.

එමෙන්ම දකුණු ආසියාවේ අනෙකුත් රෝහල්වලට වඩා වැඩි පහසුකම් සහ හැකියාවන් මෙරට පවතින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

රජයේ වැඩිම රැකියා පුරප්පාඩු ගැන අනාවරණයක්

සේවයේ මේ වනවිට පවතින පුරප්පාඩු අතර වැඩිම සංඛ්‍යාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පවතිනවා.

ඒ ප්‍රමාණය 3,519ක් බවයි කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අනාවරණය කළේ.

මේ අතර දෙවැනියට වැඩිම පුරප්පාඩු ප්‍රමාණයක් පවතින්නේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ බව පැවසෙනවා.

එම සංඛ්‍යාව 3,000ක් බව සඳහන්.

මේ අනූව අමාත්‍යංශ, පළාත් සභා හා කොමිෂන් සභාවල පවතින සමස්ත පුරප්පාඩු ප්‍රමාණය 7,456ක් බවද කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවා.

මේ අතර දිවයින පුරා පවතින ගුරු පුරප්පාඩු ප්‍රමාණය 30,000කට ආසන්න බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top