රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඒ රාජ්‍ය සේවකයන්ට රු.20,000කට නොඅඩු වැටුප් වැඩි වීමක් දෙන ලෙසයි.
ඒ බව සදහන් කරමින් එම වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී.එස්. ශාන්තප්‍රිය විසින් විශේෂ ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර ඇත.
එමෙන්ම, ඉදිරි අය වැයේ දී රාජ්‍ය සේවක ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් විශේෂ කරුණු 7ක් මත පදනම්ව මෙම ලිපිය සකස් කර තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් එහි සදහන් වන්නේ රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් ඉවත් කර රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් හා උසස් කිරීම් සිදු කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි.
