පියුමි හා තාඹුගලගේ බදු විස්තරේ ජුනි 31දාට අධිකරණයට දෙන්න කියයි

රූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති ප්‍රකට ව්‍යාපාරික විරංජිත් තාඹුගල යන දෙදෙනාට අදාළව සිදු කරනු ලබන බදු බැඳියාව සම්බන්ධ විමර්ශනවලට අදාළ ප්‍රගති වර්තාවක් ලබන ජූනි මස 31 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඊයේ (3) නියෝග කළාය.

දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව ඉහත සඳහන් දෙදෙනා බදු පනතට අදාළ වරදවල් සිදු කර තිබේද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් ඊයේ නැවත කැඳවූ අවස්ථාවේදී අධිකරණයෙන් එසේ නියම කෙරුණි.

මෙම සිද්ධියට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉහත සඳහන් දෙදෙනාගේ නිවාස සෝදිසි කිරීමට අධිකරණය මඟින් නියෝගයක් ලබාගත් නමුත් එසේ සෝදිසි කිරීම් කටයුතුවල නිරතවන අවස්ථාවේදී එම දෙදෙනා නිවාසවල නොසිටි බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙර නඩු වාරයේදී අධිකරණයට දන්වා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top