ගණිකා නිවාස අවසන්.. පොලීසියෙන් සහතිකයක්.!

සම්බාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස සියල්ල වසා දමා අවසන් බව කුලියාපිටිය පොලිසිය පවසයි.

පසුගියදා දණ්ඩගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසයක් වටලා ගණිකා සේවයේ යෙදුණු කතුන් ඇතුළු කළමනාකරු ඇතුළුව පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුදිනම කුලියාපිටිය පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශවල විසින් ප්‍රදේශයේ සියලු සම්බාහන මධ්‍යස්ථාන පරීක්‍ෂා කර ඇත.

එහිදී ඇතැම් සම්බාහන මධ්‍යස්ථානවල ආයුර්වේද වෛද්‍යවරයකු හෝ නිසි පුහුණුවක් ලත් තෙරපිවරියන් සිට නැත.

තවත් බොහෝමයක ක්‍රමවත් පාරිභෝගික ලේඛනයක් පවත්වා ගෙන ගොස් නොතිබිණ. එමෙන්ම බොහෝ තෙරපිවරියන්ට නීත්‍යානුකූල වෛද්‍ය සහතික නොමැතිව එම සේවය සපයමින් සිට ඇත.

එහිදී පොලිසිය පෙන්වා දුන් සියලු අඩුපාඩු නිවරදි කර සතියක් ඇතුළත සිදුකරන නිරීක්‍ෂණයේදී සැකසී තිබියයුතු බව ද අවධාරණය කර ඇති අතර සතියකින් පසු පසුගියදා (07 දා) යළිත් කළ සෝදිසියේදී එසේ තිබූ සම්බාහන මධ්‍යස්ථාන සියල්ලම වසා දමා ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top