ඒක අවුරුදු 56ක ලස්සන ආදර කතාවක්.ඒ මගේ සීයගෙයි ආත්තම්ම ගෙයි ආදර කතාව.දෙන්නගෙ වයස අවුරුදු 86යි 83යි වෙනකල් තාමත් ආදරෙන් දෙන්නම ඉන්න වාසානාවන්ත ආදරයක්.දෙන්නම හිටපු ගුරුවරු දෙන්නෙක් .එයාලගේ ඉස්සර කාලේ කතා අපි තාමත් අපි එක්ක කියනව සතුටින් අතීතය මතක් කරන ගමන්.
සීයා අත්තම්මව චුට්ටක් අව්ස්සන්න එහෙම කියනව.ඉස්සර අත්තම්මලගෙ තරුණ කාලේ කොන්ඩේ දිගට පේන්න හවරි දාලාලු ගොතන්නෙ.සමහර දවස් වලට සීයා අත්තම්මට කියන්නෙ නුවර භවලතා කියල.එයාලා තාමත් නිතරම ආදරෙන් විහිලුවෙන් ඉන්න දෙන්නෙක්
අත්තම්මගෙ අයියා කෙනෙක් මෙහේ බකිණිගහවෙල ඉස්කෝලෙක ප්‍රින්සිපල් වෙලා ඉඳල ඒකාලේ.අත්තම්මා උඩරට නැටුම් වලට දක්ෂලු.එහේ හිටියොත් උඹ නට නට ඉන්නව ඉගෙන ගන්නෙ නෑ කියල අත්තම්මගෙ අයිය අත්තම්මව බකිනිගහවෙල ඉස්කෝලේට එක්ක ඇවිත්.ඒ කාලේ සීය ගුරුවරයෙක් උන අලුතලු.ක්‍රීඩා වැඩ වල විනීශ්‍ය මණ්ඩලයට සීයලා වෙන ඉස්කෝලේක ඉඳලා අත්තම්ම ඉන්න ඉස්කෝලෙට ඇවිත් දැකල තමයි ඒ ලස්සන ආදර කතාව පටන්ගෙන තියෙන්නෙ ඒ 1961 දි .
අද මම දෙන්නව ෆොටෝ ගන්න යමු කිව්වම උදේ මාතර ඉඳල දුර ගමනක් ඇවිල්ලත් මහන්සිය ගැන ගානක් නැතුව දෙන්නම හරි සතුටින් කැමති උනේ..මේ වගේ වැඩ වලට හරි කැමතී දෙන්නම❤
මම ෆොටෝ වලට උම්ම එකක් දෙන්න කිව්වම අවුරුදු හැටකින් පුතේ මේ දෙන්නෙ කියනව සීයා විහිලුවෙන්.
අපි හැමෝම අපෙ පව්ලේ දැක්ක වාසනාවන්තම ලස්සනම වයසින් වැඩිම ආදරය අපේ සීයයි අත්තම්මයි
අපේ සීයා අදින්නෙ අපේ ජාතික ඇදුම සුදුසරමයි ෂර්ට් එකයි
මට හිතුනා සීයට කලිසමක් අන්දන්න ඉතිම් සීයගෙ ඇදුම් ටික සන්ජය අයියට කතාකලාම එන්න මල්ලි වැඩේ කරමු කියලා මට ඉක්ම්නනින්ම ඇදුම ලැස්ති කරගන්න පුලුවන් උනා thank you sanjaya අයියේ ඒවගේ ම ගොඩක් පින් සීයා කලිසමක් කෝට් එකක් ඇන්දෙ අවුරුදු 60 කට පස්සෙ
Copied

