පාරිභෝගික අධිකාරිය විසින් සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වලටා තිබේ.
වැටලීමෙන් පසු එම ස්ථානයේ තිබි රුපියල් මිලියන 28ක පමණ වෙළඳපොළ වටිනාකමින් යුත් ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක තොගයක් එම නිලධාරීන් සිය භාරයට ගෙන ඇති බවද පැවසෙයි.
වෙළඳපොළට විකිණීමට යොමු කර තිබෙන ප්‍රසිද්ධ සන්නාම සහිත කල් ඉකුත් වූ හිස කෙස් වර්ණක හා පලුදු වූ හිසකෙස් වර්ණක පැකට් සිමෙන්ති කුඩු සමඟ යන්ත්‍රයකින් කලවම්කර ප්‍රසිද්ධ සන්නාම සහිත ඇසුරුම් උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක වෙළඳපොළට නිකුත් කිරීමට එම ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බව එම නිලධාරීන් කරන විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙනත් පුවත්
පුළුවන්නම් හිරේ දාන්න.. නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්.!
තමන් වැරදි කොට නැති බවත්, පුළුවන් නම් තමන් හිරේ දමන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අභියෝගයක් සිදුකළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
“ඡන්දෙ ගන්න ජනතාව රැවැට්ටුවා දැන් ජනාධිපතිතුමා වේදිකාවට නැගලා අත්අඩංගුවට ගන්න ඒවා ගැන කියනවා. දැන් පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකට කියන්න තියෙන දේ ජනාධිපතිතුමා කියනවා. අධිකරණයෙන් දෙන්න ඕන නඩු තීන්දු මැති ඇමතිවරු දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව කරන්න ඕන වැඩේ ඇමතිවරු කරනවා. ඇමතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට බනිනවා. ජනාධිපතිවරයා පොලිසියට බනිනවා. පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක බවට පත්වෙලා තියෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තව එකක් කියනවා. සමස්ත ආණ්ඩුවම අද අච්චාරුවක් බවට පත්වෙලා තියෙනවා.
තමන් කියන්නෙ මොකක්ද කරන්නෙ මොකක්ද යන්නෙ කොහෙද කියලවත් තේරුමක් නැතිව රාජ්‍ය පාලනය කරන්න උත්සාහ කරනවා. දැන් මාස හයක් ගිහිල්ලා. අපි මුල ඉඳන් කිව්වා අපි සාධාරණ කාලයක් දෙනවා. මොකද අපිට අරගල කරලා වෙඩි තියලා ගිනි තියලා මරලා ආණ්ඩු හදන්න සන්නද්ධ හමුදාවක් නෑ. අපි චන්දෙන් ආණ්ඩු පෙරලන්නෙ. ඒකත් දැන් කියනවා හිරේ දාලා හිරේ ඇතුලේ පාර්ලිමේන්තුව කැඳවන්න වෙයිලු. කමක් නෑ දාලා බලන්න. එහෙම හිරේ යන්න බය නෑ අපි. යහපාලන ආණ්ඩුවත් ඔහොම තමයි බලයට ආවේ අපිව දැම්මා. තුන් පාර හතර පාර ඇතුළට දැම්මා. අපි මූණ දුන්නා අපි අධිකරණයට මුහුණ දෙනවා” මොකද අපි වැරදි කරලා නෑ.

