චන්දිමාල් ජයසිංහ කියන්නේ නිරූපණ ක්ෂේත්රය තුළ නම ගිය චරිතයක්.ඔහුගේ අතින් විශාල තරුණයන් පිරිසක් මනාලියන් ලෙස හැඩ වැඩ වෙනවා. තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන චන්දිමාල් වඩාත් ප්‍රසිද්ධ වෙලා සිටින්නේ වසරක් පාසා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කරන රෝයල් බර්ත් ඩේ පාටිය නිසයි.
ඉතින් ක්ෂේත්රය තුළ ඉන්න ප්‍රවීණ කලාකරුවන් රැසක් මේ birthday පාටියට එකට සම්බන්ධ වෙනවා.පසුගිය දින මේ වසරේ ඔහුගේ රොයල් birthday party එක පැවැත්වුණා. බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් සම්බන්ධ වුණත් චන්දිමාගේ හොඳම යාළුවා විදිහට හිටපු පියුමි හංසමාලි නම් මේ අවස්ථාවේ දැක්ක ගන්න හැකියාවක් ලැබුණේ නෑ. හේතුව පියුමි සහ චන්දිමාල් තරහ වෙලා කියලයි ආරංචිය.
පියුමි හංසමාලගේ පෙම්වතා පියුමිට වංචා කරපු අවස්ථාවේ ඔහුට වාහනයක් ගන්න හොරෙන් පියුමිටත් නොකියා චන්දිමාල් අත්සන් කරා කියන සිද්ධියකට තමයි පියුමි චන්දිමාල් එක්ක තරහා වෙලා ඉන්නේ. ඉතිං ඒ හේතුව නිසා මෙදා පාර පියුමි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඇය සමාජ මාධ්‍යවල පවා මීට කලින් චන්දිමාල්ට චෝදනා එල්ල කරලා තිබුණා. ඒ කෙසේ නමුත් කලා ලෝකයේ බොහෝ තරු ඔහුට සුබ පතන්න එකතු වුණා.
පියුමි ගැන කියන්න චන්දිමාල් කට අරියි
පසු ගියදා චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය පැවැතුණු අතර කලා ලොවේ විවිධ තරු මේ අවස්ථාවට සම්බන්ධ වුණා.. නමුත් චන්දිමාල්ගේ ආදරණීය හිතවතිය වූ පියුමි හංසමාලි මේ අවස්ථාවට සම්බන්ධ වී තිබුණේ නැත..ඒ ඔවුන් අතර ඇති වූ යම් හිත් අමනාපකමක් නිසා බව සදහන්..
ඉතින් ඒ සම්බන්ධයෙන් චන්දිමාල් කියලා තිබුනේ මේ වගේ කතාවක්, ”යාළුවෝ කවදාවත් තරහ වෙන්නෙ නෑ. සමහර වැරදි වැටහීම් වගේ දේවල් තියෙනවා. ඉතින් මම කවදාවත් එයා එක්ක තරහ වෙන, එයාව විවේචනය කරන කෙනෙක් නෙවෙයි. පියුමි කියන්නෙ බොහොම හොඳ කෙනෙක්. එයාගෙ හිත හරි ඉක්මනට කැඩෙනවා.
හරි ඉක්මනට එයාගෙ හිත රිදෙනවා. ඒ වගේම හරි ඉක්මනට එයාගෙ හිත හැදෙනවා. ඉතින් ඒ නිසා මම එයාගෙ ජීවිතේ එයාට තියන හැම ප්‍රශ්නයක්ම ඉවර වෙලා අයිමත් ලබන අවුරුද්දෙ මාත් එක්ක මේ රාත්‍රිය ගත කරන්න එන්න ලැබෙන්න කියලා ඇයට ආරාධනා කරනවා. එයාට මම හරි ආදරෙයි හැමදාම.”
