මඟ එයාගේ යාලුවෙකුත් ඉන්න කතාවක් කිවුවා. ඔය යන ගමන් මහත්තයෝ මේ කෙල්ල සිගරට් පෙට්ටියක් ගත්තා බෑග් එකෙන්. මගෙනුත් ඇහුවා ඔිනිද කියලා. මම නෑ කිවුවා. ඔහොම දිගටම ගිහින් මගදි එයාගේ යාලුවා නැග්ගා. ඒ කොල්ලෙක්. ඊටපස්සෙ වෙච්ච දේවල් කටක් ඇරලා කියන්න බෑ මහත්තයෝ… මුන් දෙන්නා රූම් එකක ඉන්නවා වගේ හැසිරුණේ. බියර් බිබි තව මොනා හරි පෙති වගයකුත් ගත්තා…’
‘අර කෙල්ලට හෙන විසේ… ටිකෙන් ටික මත් ගතිය වැඩිවෙලා මගෙන් ඇහුවා එයාව දන්නවද කියලා.. ‘අංකල් මාව දන්නවද? මම — ටෙලි ග්‍රාමා එකේ ඉන්නෙ අනේ දැකලා නැද්ද?’ කියලා ඇහුවා. දෙයියනේ මම හිරිවැටිලා ගියා. මම ඒ ටෙලි නාට්‍ය ගැන අහලා තිබුණා. කොහොමත් මේ කෙල්ලව දැකලා පුරුදු ගතියකුත් දැණුනානේ මට…
පස්සෙ එයා කියනවා, ‘අංකලුත් කැමති නම් කියන්න. හැබැයි ගාණ නම් සැරයි’ කිවුවා. එතකොට තමා මට තේරුණේ මේ කෙල්ල සල්ලිවලට යන විත්තිය. මම නිකමට වගේ ගාණ ඇහුවම කියනවා රුපියල් 50,000යිලූ… මට මොන ජීවිතද මේ කියලා හිතුණා මහත්තයෝ….’
‘එයා යාලුවා එක්ක මහරගම ටවුන් එකෙන් බැස්සා. මට හොඳ ටිප් එකකුත් දීලා ගියේ. මට කියැවුණා ‘පරිස්සමි දුව. බුදු සරණයි’ කියලා. මොකද මට මගේ කෙල්ලව මතක් වුණා මහත්තයෝ… එතකොට අර කෙල්ල හෙන ආදරෙන් මගේ කම්මුල මිරිකලා. ‘යූ ආ සෝ ස්විට්’ කියලා ගියා… අනේ මන්දා මහත්තයෝ.. අදටත් මතක් වෙද්දි ඒ සිද්ධිය හරි අමුතුයි…. මේ ජීවිත ගැන සෑහෙන පුදුමයි…’
