ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි – වරෙම් යකොව් – ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

මේ දවස්වල ඉතින් පියුමි හංසමාලි කිව්වොත් වලි, වලි නම් පියුමි හංසමාලි වගේ රැල්ලක් යනවා.

ඒකට හේතුවත් සමාජ මාධ්‍ය පුරාවට කවදත් රස කතා මවපු පියුමිට මුහුණ දෙන්න වෙච්ච විවිධ අකරතැබ්බවල්.

කොහොමහරි මේ වෙද්දි ඇය ගැන උනන්දු හැමෝම දන්න දෙයක් තමයි ඇයගේ හිටපු පෙම්වතා ප්‍රගිත් මේ වන විටත් ඇයව අතහැර ගොස් සිටිනවා කියන එක. ඒකත් එක්ක දෙන්න අතර යන සීතල යුද්ධෙ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

හැබැයි ඒ මොනවා වුණත් වෙන වලි වගේ නෙවෙයි මේ දෙන්නගේ වලිය දිහා හැමෝම බලන් ඉන්නෙ හරි ආසාවෙන්.

ඒකට හේතුවත් ඒ දෙන්නා සමාජ මාධ්‍ය තුළ රණ්ඩු වෙන විදිහ.

කොහොමහරි පියුමි කියන්නේ නිරූපණයට එහා මේ වන කොට ක්‍රීම් අලෙවි කරන ව්‍යාපාරිකාවක් විදිහටත් ප්‍රසිද්ධයිනේ.

හැබැයි තාමත් ඇගේ products විකුණන්න පියුමි ඇයව අතහැර ගොස් සිටින ප්‍රගිත්ගේ රුව භාවිතා කරනවා.

ඒ ඔහු කලින් කළුවට හිටියට ඇගේ ක්‍රීම් ගාලා සුදු වුණා කියන ඡායාරූප සමාජ මාධ්‍යට එකතු කරන ගමන්.

ඒ වුණාට මේ කතාවට විරෝධය පාමින් ඇගේ හිටපු පෙම්වතා සඳහන් කරලා තිබ්බේ පියුමිවත් ඔහුවත් පිටකොටුවෙන් ගෙනාපු මේ බාල ක්‍රීම් ගෑවෙන්නෑ ඔවුන් සුදු උනේ ඉන්ජක්ෂන් ගහලා කියලයි.

මේ සටහන් එක්ක ඔන්න ඉතින් පියුමි ආයේ එයාගේ වැඩ පටන් අරන් සමාජ මාධ්‍යට වීඩියෝවක් එකතු කරලා තියෙනවා.

හොඳම දේ කියන්නේ මේ වීඩියෝ එකේ තියෙන්නේ ක්‍රීම් ගෑවේ නෑ කියපු කෙනා මුළු ඇගේම ක්‍රීම් ගාන වීඩියෝ එකක්.

එහි ඇය සටහනක් ද එකතු කරලා තිබ්බේ මේ විදිහට

” එක දවසක් ඕකා නිදා ගන්නෙ නෑ creams දාන්නෙ නැතුව මමත් එහෙමයි. මගේ business එක සහා මාව වට්ටන්න ටිකක් න්වෙවෙයි ගොඩක් අමාරු වෙයි දැන ගන්න. මගෙ ලග බොරු නැ මම හැමදාම සටන් කරන්නේ සත්ය එක්ක. its me piumi hansamali මගේ creams ම දාලා සුදු වෙලා මටම අකුල් හෙලනවා කියන්නේ ඉතින් උඩ ඉන්න කෙනත් බලන් ඉන්නේ ජීවිතෙට හරියන්නෙ නෑ”

Gallery

Video Link – https://www.facebook.com/reel/1007306897851659

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top