කලා ලෝකය තුළ ඉන්න සුන්දර දක්ෂ කලාකරුවෙක් තමයිි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ. ඔහු කලක් යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙක් වන අතර පසුව රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ උනා.මේ දවස්වල ඉසුරු ගැන වැඩි වශයෙන් කතා කරන්නේ ඔහුත් එක්ක නිතරම ඉන්න රංගන ශිල්පිනියක් නිසයි. ඉසුරු කලකට ඉහතදී ක්ෂේත්‍රයම රංගන ශිල්පිනියක් වන තරින්දි ප්‍රනාන්දු සමග සම්බන්ධතාවයක් පැවැත්තුවා.
නමුත් දෙදෙනාගෙම කැමැත්ත පරිදි මේ සම්බන්ධතාවයෙන් ඔවුන් ඉවත් වුණා. ඉසුරුට දැන් ආයෙමත් සැරයක් අලුත් ආදරයක් හම්බවෙලා කියලා තමයි ආරංචි.ඇය රංගන ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පිනියක් වන අතර ගුවන් සේවිකාවක් වශයෙනුත් වැඩ කටයුතු කරන දේශානි නෙහාරා..
ඇයගෙන් ඉසුරුත් එක්ක තියෙන සම්බන්ධය ගැන අහපු අවස්ථාවකදී ඇය කිව්වේ ඉසුරු ඇයට ගොඩක් ආදරේරේ කියලයි. කෙසේ නමුත් තවත් සමහරක් දෙනා පවසන්නේ මොවුන් දෙදෙනාම එකට රංගනයෙන් දායකත්වය දක්වන නිර්මාණයක් ප්‍රසිද්ධ කිරීම සඳහා මේ විදිහට හැසිරෙනවා කියලයි.
නමුත් මේ පිළිබඳව ජනප්‍රිය ඡායාරූප සහ ගායන ශිල්පි දයාන් විතාරණ ෆේස්බුක් සටහනක් තබා තිබුණා.
රංගන ශිල්පියෙකු ලෙස කවුරුත් ආදරේ කරන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ඔබට හමුවුණු ආදරණීයයෙක්.
දේශානි නෙහාරා කියන්නෙත් ඒ වගේම හැමෝම ආදරය කරන ජනප්‍රිය තරුවක්.
ඉතින් මේ තරු දෙපළ පසුගිය දවස්වල සමාජ මාධ්‍යයේ කතා මවන දෙන්නෙක් බවට පත්වෙලා තිබුණා.
ඒ අතරේ මේ දෙන්නා ගැන ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ සිය මුහුණු පොතට ආදරණීය සටහනක් එක්කර තිබෙනවා.
බලන්නකෝ ඒ ආදරණීය සටහන.




