අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ පසුගිය 17 වැනිදා ය.
ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය අයිතම වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහලවෙත ලබාගෙන රුපියල් 17500කට රෝගීන්ට ලබා දිය හැකි පසුබිමක එම අයිතම වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර තමන් විසින් පාලනය වන බාහිර ආයතනයකින් රෝහලේ තමන් ප්‍රතිකාර කරන රෝගීන්ට රුපියල් එක් ලක්ෂ විසි දහසේ සිට දෙලක්ෂ ලක්ෂ පනස් දහසක් දක්වා මිලකට අලෙවි කිරීමේ නින්දාසහග දූෂණය සිදුකර ශ්‍රී ජයවර්ධනපු රෝහලට මෙන්ම රෝගීන්ටත් අගතියක් සිදුකරමින් තමන් හෝ තමන් අනුදත් පාර්ශවයකට අධික ලාභ උපදවාදීම සම්බන්ධව මෙම විශේෂඥ වෛද්‍යවරිය ප්රමුඛ තිදෙනා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
ඇය විසින් මෙසේ අලෙවි කර ඇත්තේ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන අයිතමයන්ය
මෙහි දී EVD යන අයිතමය 2022 වර්ෂයේ දී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17,500/- ක් පමණක් විය. එහි සාමාන්‍ය වර්තමාන වෙළඳ පොළ මිල රු.46,500/- ක් පමණ වේ. එසේ තිබිය දී අදාළ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන පුද්ගලික ආයතනය මගින් රෝගීන්ට මෙම අයිතමය විකුණා ඇත්තේ රු 120,000/- සිට රු.250,000/- පමණ වන මිලකටය.
මේ ජාවාරම සිදු කිරීමෙන් රෝගී පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශවයන්ට අයුතු සහගත ලාභයක් ලබා ගැනීම මෙන්ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මඟින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව උක්ත විශේෂඥ වෛද්‍යවරිය ප්රමුඛ තිදෙනා අත් අඩංගුවට ගෙන තිබිණි.
