ඒ පවුලට ආදරය කරන බොහෝ දෙනෙක්, ඒ සිද්ධිය ගැන සංවේදී වූ බොහෝ දෙනෙක් ඇගේ සුවදුක් අසන්නට කටයුතු කළා.
සතුටෙන් පිරී ගිය පවුලක්, නොසිතූ මොහොතක මෙහෙම සුණුවිසුනු වුණ ඒ පුවත කාගේත් හද කම්පා කරන්නක් වුණා.
දින, සති, මාස ගණන් කරමින් සියලු දෙනාම ඇගේ සුවය පැතුවේ අන්න ඒ නිසයි.. ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන එක එක විදිහේ පුවත්, මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ පළවෙලා තිබුණා.
පසුගිය ජූලි 8 වැනිදා, අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන දැන් සුවය ලබමින් ඉන්නවා.. කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය ගැන විවිධ තොරතුරු අසන්නට ලැබුණත්, පවුලේ අය නම් ඒ පිළිබඳව ඒ තරම් තොරතුරු ලබාදෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ.
කොහොම වුණත් ආගමික කටයුතුවලට ගොඩක් ලැදි ඇය දැන් සුවය ලබමින් සිටින අතරතුරදී ගිලන්පස පූජාවක් සිදුකරන අවස්ථාවක් ගැන සමාජ මාධ්‍යයේ පළවෙලා තිබුණා.. ඉතින් අපිත් ඇයට ඉක්මන් සුව පතනවා.
පෙර පුවත් – ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන, රටම නොදන්න ඇත්තම කතාව මෙන්න
ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට වසරකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.
ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.
කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.
එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.
කොහොම වුණත් ඇය සුවය ලබා නිවසට ගොස් සිටියත් තවමත් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

