ඒ ක්‍රියාව පොලිස් සේවයටත් කළු පැල්ලමක්? පූස් තඩියෙක් අත්අඩංගුවට ගත් සිද්ධිය ගැන අද ඇසෙන කතාව මෙන්න

මේ කතාව නම් ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි නේද..? ඒත් එහෙම දෙයක් සිද්ධ වෙලා. කවදාවත් අහලා තියනවාද නීතියෙන් පූසෙකුට දඬුවම් කරන හැටි.

මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වූ ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන දැනගන්න කැමතියිද..? මේ වෙද්දී ආන්දෝකනයට තුඩදුන් ඒ කතාවයි මේ.

මාළු කූරියකු සොරකම් කරනු ලැබූ පූස් තඩියකු තායිලන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වෙනවා.

ඕස්ට්‍රේලියාවේ සෙවන් නිවුස් පුවත් සේවය මේ බව වාර්තා කරමින් කියා සිටියේ, ගාල් කර තිබූ යතුරු පැදියක එල්ලා තිබූ බෑගයක් ඉරා පූස් තඩියා මාළු කූරියා සොරා ගන්නා අයුරු ඉදිරියේ තිබූ සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇති බවත් වහාම ක්‍රියාත්මක වූ තායිලන්ත පොලිසිය පසුව පූස් තඩියා අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බවයි.

පූස් තඩියා පොලිසියට රැගෙන යන අවස්ථාවේ කටේ මාළු කූරියා නොසිටි බවත් මාළුවකු සොරකම් කළ පුසකු පොලිසියට රැගෙන යාම පොලිස් සේවයට කළ නිගාවක් බවත් සෙවන් නිවුස් පුවත් සේවය වැඩිදුරටත් පවසා තිබුණා… මෙම සොරකම පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සිදුවූවක්.

එම වීඩියෝව සෙවන් නිවුස් පුවත් සේවය ඔවුන්ගේ ටික්ටොක් ගිණුමටද පෙරේදා(18) උඩුගත කර තිබුණා..

කෙසේ වෙතත්, එම වීඩියෝව මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් නරඹා ඇති අතර, මෙම වීඩියෝව ඔක්තෝබර් මස අවසන් සතියේ සිට විවිධ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන බවත් එහි නැරඹුම් වාර ගණන මේ වනවිට ලක්ෂ 100 පසුකර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top