ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” අද (27) සිට සුවහසක් පාඨකයින් සඳහා විවර කෙරෙනවා.
ඒ අනුව අද (27) සිට ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති.
මෙහිදී පාඨකයින් හට නවකතා, කෙටිකතා, පද්‍ය, සිනමා, පර්යේෂණ, අධ්‍යාපන ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ රචනා කරන ලද දහස් ගණනක් කෘති, විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකි අතර, පොත් එළිදැක්වීම්, කතුවර හමු සඳහාද අවස්ථාව හිමිවනවා.
මෙවරත් පොත් ප්‍රදර්ශනය සඳහා සභභාගීවන පාඨකයින්ගේ පහසුව පිණිස විශේෂ බස් සේවාව ක්‍රියාත්මක වෙනවා.
වර්ෂයක් පාසා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා ලක්ෂ සංඛ්‍යාත පාඨකයින් සහභාගි වන අතර, මෙවරත් විශාල පාඨකයින් පිරිසක් සහභාගි වනු ඇති බවටයි සංවිධායකයින් විශ්වාසය පළ කරන්නේ.
