ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන කවුරුත් මේ දවස්වල උන්මාදයෙන් වගේ ආසියානු කුසලානය ගැන කතාවෙනවා.
ඒත් මේ කියන්න යන්නේ ක්‍රිකට් ගැන තවත් එක් කතාවක් නම් නෙවෙයි.
මේ වනවිට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට අවසන් වීමට නියමිතව තිබෙනවා.
තරගාවලිය පුරාවට සජීවී විස්තර විචාරයක නිරත වන ඡායාරූපයේ සිටින නිවේදිකාව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාගේ බිරිඳ වන සන්ජනා ගනේෂන්.
ඔවුන් දෙදෙනාම මේ මොහොතේ ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වී සිටිනවා.
භූමිකාවන් දෙකක් වුවත් යුවළක් ලෙස එකම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක සහභාගි වීමට හැකියාව ලැබුණු මොවුන් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි දෙයක් සිදුවූ ප්‍රථම අවස්ථාවද වනවා.
තරගාවලියේ විස්තර විචාරයේ යෙදුණු සන්ජනා ක්‍රිකට් ලෝලීන් අතරත් අතිශය ප්‍රසිද්ධයි.
ඇය මෙම තරගාවලිය පුරාවට සිය රාජකාරිය වෙනුවෙන් විවිධ විලාසිතාවලින් හැඩවී තිබීමත් මෙහිදී විශේෂයි.
