බැංකුවට සල්ලි දාපු මිනිස්සුන්ගේ කෝටි 900කට වැඩේ දීලා දැන් රිමාන්ඩ්

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (30) දින තැන්පත්කරුවන් දහසකට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 900කට අධික තැන්පතු මුදලක් ලබා ගෙන වංචා කළ බව කියන පෞද්ගලික ආයතන දෙකක මූල්‍ය අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කළ සැකකරුවන් දෙදෙනෙකු ලබන 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

ඒ අනුව මහේෂ් ප්‍රියන්ත අගලගමගේ හා චන්දික යසනාත් බණ්ඩාර වීරකෝන් නැමැති සැකකරුවන් දෙදෙනකු එසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙවැනි වංචා සහගත සිද්ධීන්වලට අදාළව මෙම සැකකරුවන්ට එරෙහිව මීගමුව අධිකරණයේ හා පොළොන්නරුව අධිකරණයේ නඩු පැවති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top