මිනීමැරිමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජී.ජී අමරසිරි හෙවත් `ජුලම්පිටිය අමරේ’ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම මරණීය දණ්ඩනය තහවුරු කර තිබේ.
ඒ එම ඇපෑල අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය
එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී, වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස 2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් අමතමින් සිටියදී එම රැස්වීමට කඩා වැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජී.ජී අමරසිරි හෙවත් `ජුලම්පිටිය අමරේ’ට තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි.
ජී.ජී අමරසිරි හෙවත් `ජුලම්පිටිය අමරේ’ මහින්ද රාජපක්ෂ පුත් නාමල් රාපක්ෂගේ ශරීර ආරක්ෂකයා ලෙසද කටයුතු කරමින් සිටි අයෙකි.




