කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරවලින් ලද රුපියල් මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරය වෙත ඊයේ (07) භාරදී තිබේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ, එම අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, එම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දුට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට මෙම ලාභාංශය අද පාර්ලිමේන්තුවේ දී නිල වශයෙන් භාර දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇමති ධුරය දරන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශවලින් කොටසක් මෙලෙස භාර දී තිබේ.
ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය වෙනුවෙන් ආයතනයේ වැඩබලන සභාපති ගයාන් වෙල්ලාල රුපියල් මිලියන 500ක මුදලක් පසුගිය මාස 09ක කාලයේදී ලැබූ ලාභාංශවලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබා දී ඇත.
මෙම වර්ෂය අවසාන වනවිට රුපියල් බිලියන පහක ආදායම් ඉලක්කවලට යාමට උත්සාහ කරන බවද වැඩබලන සභාපති මෙහිදී ප්‍රකාශ කර තිබේ.
BCC Lanka Limited ආයතනය වෙනුවෙන් එහි සභාපති එච්.ඒ ප්‍රසන්න ඉන්ද්‍රජිත් රුපියල් මිලියන 50ක් තම ආයතනයේ ලාභාංශවලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එහි විශේෂත්වය වන්නේ BCC ආයතනය දිගින් දිගටම පාඩු ලැබූ නිසා පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයේ එය ඈවර කිරීමට නියමිතව තිබූ ආයතනයක් වීමය.
එලෙසින්ම මෙම ආයතනය මේ වනවිට මෙම වර්ෂය තුළ මිලියන 105ක ස්ථාවර තැන්පතු රැස් කර ඇත.
ජාතික ලුණු සමාගම වෙනුවෙන් එහි සභාපති ගයාන් වෙල්ලාලගේ විසින් රුපියල් මිලියන 100ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබාදුන් අතර වර්ෂය මුල් භාගයේදී රට ලුණු හිඟයකට මුහුණ දී තිබූ දුෂ්කර අවධියක් ගතකළ තත්වයක ජාතිය ලුණු සමාගම ඉතිරි මාස 06ක කාලය තුළ තම සමාගම උපරිම තලයකට රැගෙන සමත් වී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාලගේ ප්‍රකාශ කර ඇත්තේ ඉතිහාසයේ උපරිම නිෂ්පාදන ආදායමක් මෙම වර්ෂය අවසානයේ ළඟාකර ගත හැකි වනු ඇති බවය.
ලංකා පොස්පේට් ආයතනය වෙනුවෙන් මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර සහභාගි වී ඇති අතර ඔහු ඉදිරි සතිය තුළ රුපියල් මිලියන 100ක් භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවත් ඉතිරි ලාභාංශ තම ආයතනයේ දියුණුව වෙනුවෙන් භාවිතා කරන බවත් ප්‍රකාශ කර තිබේ.
ලංකා ග්‍රැෆයිට් ආයතනය වෙනුවෙන් එහි සභාපති පී.වී.ඒ හේමලාල් මෙම අවස්ථාවට සහභාගි වී ඇති අතර එතුමන් රුපියල් මිලියන 7.4ක මුදලක් භාණ්ඩාගාරයට මීට පෙර ලබා දී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය භාණ්ඩාගාරයට මුදල් ලබා දී තිබුණේ වසර 14කට පසු වීමය.
මෙම ලබාදුන් මුළු මුදල්වල එකතුව රුපියල් මිලියන 757.4කි.
මෙම එකතුව අර්ධ වාර්ෂික ලාභාංශයකින් ඉදිරිපත් කළ මුදලක් වන අතර ඉදිරි කාලය තුළදී පූර්ණ ලාභාංශ තුළින් මුදල් ලබාදීමට හැකියාව පවතින බව වාර්තා වේ.








