මනම්පිටිය නිමල් ජයරත්න –
-
උදේ විදුලි සැර වැද්දා වන අලියෙකුත් ඝාතනය කළා… ලෙයට ලෙයින් පළිගන්නා සටනක් බවට අලි මිනිස් ගැටුම පත් කර ඇති බව ප්රදේශවාසීන්ගෙන් චෝදනා.
දෙහිඅත්තකන්ඩිය මාවනාවෙල ප්රදේශයේ භාවනා වැඩසටහනක් සඳහා සහභාගි වෙමින් සිටි මවකට ගල්එළිය වීරලන්ද වැව් බැම්ම අසලදි අද (11) අලුයම හයට පමණ වන අලියෙකු පහර දීමෙන් මව එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 205 ගල්එළිය රුහුණුගම අරලගංවිල ලිපිනයේ,පදිංචිව සිටි වයස අවුරුදු 73 පමණ වන විරසිංහ මුදියන්සේලාගේ සෝමාවති යන සිව්දරු මවක බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
ගල්එළිය වීරලන්ද වැව් බැම්ම අසලදී මව වන අලි ප්රහාරයට ගොදුරු වී ඇති අතර මව එම ස්ථානයේදීම මියගොස් ඇති බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල අප කළ විමසීමකදී පැවසීය.
මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අරලගංවිල පොලිසිය විසින් සිදුකරයි.

මේ අතර අද උදෑසන පොළොන්නරුව වැලිකන්ද රුහුණකෙත ගම්මානයේ, ගෙවත්තක් අසල විදුලි සැර වද්දා ඝාතනය කළ වන අලියෙකුගේ සිරුරක් වැලිකන්ද පොලිසිය සොයාගෙන තිබිණි. ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ ඒ මරා දැමූ වන අලියාය.
මේ කතාවත් බලන්න.
