හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික අත්පත්කරගනී

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා, මෙරට ප්‍රකට සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි සියයට 40ක කොටස් හිමිකාරීත්වයක් අද (17) දින අත්පත් කරගෙන තිබේ.
මෙම ගනුදෙනුව සඳහා ධම්මික පෙරේරා මහතා විසින් රුපියල් බිලියන 2.57ක් ආයෝජනය කර ඇති අතර,

ඒ යටතේ හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාට අයත් සෙන්තිල්වෙල් හෝල්ඩින්ග්ස් (Senthilverl Holdings (PVT) Ltd) සමාගම සතුව තිබූ කොටස් 778,946ක් මිලදී ගෙන ඇත. වෙළෙඳපොළ ආරංචි මාර්ගවලට අනුව එක් කොටසක් රුපියල් 3,300.00ක මිලකට අලෙවි වී තිබේ.
මෙය ධම්මික පෙරේරා මහතා විසින් 2025 වර්ෂය තුළ සිදුකළ සිව්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරික අත්පත් කර ගැනීම වීම විශේෂත්වයකි. මීට පෙර, පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහුගේ වැලිබල් වන් සහ එල්බී ෆිනෑන්ස් යන සමාගම් මගින් ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (Associated Motor Finance Company PLC) හි බහුතර කොටස් හිමිකාරීත්වය මිලදී ගන්නා ලදී.
තවද, මෙම වසරේ ජූලි 08 වන දින ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී (EAST WEST PROPERTIES PLC) සමාගමේ බහුතර කොටස් අයිතිය වෙනුවෙන් රුපියල් බිලියන 3.23ක් ආයෝජනය කිරීමටද ඔහු කටයුතු කළේය. ඊට අමතරව ලාෆ්ස් හෝල්ඩින්ග්ස් සහ වැලිබල් ත්‍රී සමාගම් ඒකාබද්ධ කිරීමද මේ වසරේ සිදුවූ තවත් දැවැන්ත ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස කැපී පෙනුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top