සංජීව ඝාතනය කළදා සෙව්වන්දි සැඟවුණේ වැලිපන්නේ ‍නිවෙසක . ඒ ගැන ඇසෙන කතාව මෙන්න .

ගනේමුල්ලේ සංජීව ඝාතනය කළදා රාත්‍රියේ ඉෂාරා සෙව්වන්දි නවාතැන්ගෙන තිබුණේ වැලිපැන්න ප්‍රදේශයේ නිවෙසක බව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
ඒ අනුව, ඉෂාරා සෙව්වන්දිට සැඟව සිටීමට පහසුකම් සැපයීමත්, රැකවරණය ලබාදීමත් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු සිව් දෙනෙක් පොලීසිය අද (17) පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

අලුත්කඩේ උසාවියේදී ඉකුත් පෙබරවාරි 19 වෙනිදා ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් සෙව්වන්දි රැඳී සිටි වැලිපැන්නේ නිවෙස හිමි කාන්තාව අදාල පොලිස් කොස්තාපල්වරයාගේ බිරියගේ මව බවට කරුණු හෙළිව තිබෙනවා.

සැකකාර අලුත්ගම පොලිසියේ කොස්තාපල්වරයා ඉෂාරා සෙව්වන්දී තම නැන්දණියගේ නිවෙසේ රැඳී සිටි බව දැන දැනත් ඒ බව සඟවාගෙන සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්ව තිබුණා.

අදාල නිවෙස් හිමි කාන්තාවගේ පුත්‍රයා ‘මතුගම ශාන්’ ගේ ළඟම හිතවතෙක් බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ‘මතුගම ශාන්ගේ’ ඉල්ලීම මත සැකකාරිය එදින තම නිවෙසේ සෙව්වන්දිට නවාතැන් දී තිබූ බව වාර්තා වෙනවා.

අනතුරුව පසු දින සිට මාස එකහමාරක පමණ කාලයක් ඇය සැඟව සිට ඇත්තේ දොඩංගොඩ වෙනත් අයකුගේ නිවෙසකයි.

එම නිවසේ හිමිකරු ද ‘මතුගම ශාන්ගේ’ පාසල් මිතුරෙක් බව ද සඳහන්.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඔහුව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව ඇය සැඟවී සිට ඇතැයි අනාවරණය වී තිබෙන්නේ මිද්දෙණියේයි. මාසයක පමණ කාලයක් ඇය මිද්දෙණියේ රැඳී සිට

‘බැකෝ සමන්’ විසින් ඇයට රැකවරණය ලබා දී තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

එම නිවස ද මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කර තිබුණා.

ඒ අනුව එම නිවෙසේ හිමිකරු ද පොලිසිය අත්අඩංගුවට ‍ගත්තා.

පසුව ජේ. කේ. බායි නමැත්තාගේ ‍මෙහෙයවීමෙන් සෙව්වන්දි මිද්දණියේ සිට වවුනියාවටත් අනතුරව යාපනයටත් ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට පළා ගොස් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top