මහින්ද රාජපක්ෂට ඇති ඩ්‍රෝන ප්‍රහාර අවධානමේ නවතම තත්ත්වය, ගිනි අවි 182ක් භාරදීලත් නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් අනතුරු අගවා නොමැති බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කළා.

ඒ, අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර තවදුරටත් පවත්වා ගෙන යාමට දැනට තීරණයක් ගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ආරක්ෂක අමාත්‍යංශය මගින් පුද්ගලයින්ගේ ආරක්ෂාව සදහා ලබාදී තිබූ ගිනිඅවිවලින් 182ක් මේ දක්වා යළි භාරදී නොමැති බවද ආරක්ෂක ලේකම්වරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top