පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ, පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්රීකුණාමලය යන දිස්ත්රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බවයි.
ඒ අනුව වගා හානී සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි, ඔහු සඳහන් කළේ.
එමෙන්ම අක්කර 13 379ක් සඳහා අද මෙම ගෙවීම් සිදු කරන බව සඳහන් වනවා.
අද දිනයේ මෙම වන්දි ගෙවීම් සිදුකරන්නේ වී ගොවීන් සඳහා පමණක් බවයි, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ.
