ලොව පුරා Whatsapp Business Account භාවිතා කරන්නන්ගේ ගිණුම් තාවකාලිකව Banded වී තිබෙනවා. පරිශීලකයන්ට තමන්ගේ ගිණුම් වෙත යම්කිසි අයුරකින් Report වී ඇතැයි පෙන්වීමක් සිදුකරන අතර, Meta ආයතනය වෙත ඉල්ලීමක් කර (Request) කර එය නැවත ලබාගැනීමට හැකියාවක් ඇති බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ.
කෙසේ වෙතත් මේ වනවිට එය යතාතත්වයට පත්කරමින් ඇති බවට වාර්තා වනවා. ඇති වී ඇති තත්ත්වය මත Whatsapp Business ගිණුම් පරිශීලනය කරන්නන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවට වාර්තා වනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු වලට යම් බාධාවන් ඇතිව ඇති බවට පැවසෙනවා.
මෙය හැකර් ප්‍රහාරයක්ද, එසේත් නැතිනම් Meta ආයතනයේ යම්කිසි ගැටලුවක්ද යන්න මේවනතෙක් කිසිදු නිවේදනයක් ඔවුන් විසින් නිකුත් කර නැහැ.
පරිශීලකයන්ට තම ගිණුම නැවත ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ පසු පැයක පමණ කාලයක් තුළ තමන්ගේ ගිණුම යතාතත්වට පත්කර ගැනීමට හැකියාව තිබෙනවා.
