කාණ්ඩ අනුව අද සහ හෙට විදුලිය කපන වේලාවන් මෙන්න – කාණ්ඩය දැනගන්න දැන්ම බලන්න

රටපුරා විදුලි බිඳවැටීම සමග නොහොච්චෝලේ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ ප්‍රමාණය ආවරණය කිරීම සදඟා පැය එකහමාර බැගින් අද (10) සහ හෙට (11) දෙදින විදුලි සැපයුම කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

එම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මෙම විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ගැනීමට නියමිත බව ද ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top