මංගල සාදයක නර්ථනයේ නිරතවෙමින් සිටි තරුණියක් හදිසියේම මියයයි

ඥාති සොහොයුරියකගේ විවාහ මංගල උත්සවයකට සහභගී වී නර්තනයේ යෙදෙමින් සිටිය දී තරුණියක් හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

මධ්‍ය ප්‍රදේශ් හි විදිෂා ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23ක තරුණියකි.

මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයකින් එම තරුණිය මියගොස් ඇති බවයි.

මෙම තරුණිය ඥාති සොහොයුරියකගේ විවාහ උත්සවයට පෙරේදා රාත්‍රියේ සහභාගී වී එම උත්සවය අතරතුර නර්තනයේ යෙදෙන අවස්ථාවේ දී මියගොස් වේදිකාව මත ඇද වැටී තිබේ.

එම අවස්ථාවේ දී ඇයව වහාම පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිත් ඇය මිය ගොස් සිටි බව වෛද්‍යවරු පවසා ඇත.

මෙම තරුණියගේ බාල සහෝදරයෙකු ද වයස අවුරුදු 12 දී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top