මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර – පොතුහැර සිට ගලගෙදර දක්වා ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් සිදුකෙරෙන පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස ඡායාරූපවල දැක්වේ.
සමස්ත දුර කිලෝමීටර් 32.45ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ අන්තර් හුවමාරු හතරකින් සමන්විත වන අතර එම හුවමාරු ලෙස පොතුහැර, පොල්ගහවෙල, රඹුක්කන සහ ගලගෙදර අදාළ අන්තර් හුවමාරු ලෙස ඉදි කෙරෙන බවට දැනගැනීමට හැකි විය.
මෙහි පොතුහැර සිට රඹුක්කන දක්වා කිලෝමීටර් 13.7ක ප්‍රදේශයේ ඉදිකිරීම්මේ වන විට ඉතාමත් වේගයෙන් සිදුකෙරේ.
පොතුහැර සිට රඹුක්කන දක්වා මූලික අදියරේ ඉදිකිරීම් 2025 වසර වන විට අවසන් කිරීමටත්, 2026 වසරේ ජූලි මාසය වන විට සම්පූර්ණයෙන් ඉදිකිරීම් අවසන් කර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන ආකාරයට ව්‍යාපෘතියක් අවසන් කිරීම සැලසුම් කර ඇත.
එලෙස ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු මීරිගම සිට රඹුක්කන දක්වා ම මධ්‍යම අධිවේගී මාර්ගය භාවිතා කරමින් ගමනාගමන පහසුකම් සලසා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇති.

