අධිෂ්ඨානය සහ කැපවීම මත දෛවය පරාජය කරන්නට සමත්වන්නන් වත්මන් සමාජයෙන් විරළව හමුවේ.
නමුත් වැඩිදුරටත් අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම ඇයට පසක්වන්නේ එලෙස විදුහලේ සේවය කරමින් සිටියදීය.
ඒ ඇයගේ දියණිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනිසිටීමට නියමිත වූ බැවින් ඇයගේ ඉගැන්වීම් කටයුතු වලට පහසුවක් වීමට සහ දියණියට ආදර්ශයක් වීමට අවශ්‍ය වු බැවිනි.
ඉන් පසුව ඇය මේ අදහස පළමුවෙන්ම දැනුම්දෙන්නේ එවක විද්‍යාලයේ විදුහල්පතිවරයාටය.
ඒ අනුව විදුහලෙන් ලැබුණු සවියද සමග මාස හතරක කෙටි කාලයක් තුළ ලද දැනුමෙන් 2018 වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඇය එහිදී සම්මාන සාමාර්ථ තුනක් ලබාගන්නට සමත් ව ඇත.
එතැනින් නොනවතින ඇය ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක ලෙස තවත් අභියෝගයක් උරමතට ගන්නෙ බොහෝදෙනාගෙන් ලැබුණ දිරිගැන්වීම්ද සමගය.
ඉන් පසුව ඇය 2019 වසරේ සිට ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ඉගැනීම් කටයුතු කර 2025 ජනවාරි මාසයේ දී සිය උපාධිය ලබා ගැනීමට සමත් විය.
කාන්තාවට උරුම වන භාරදූර වගකීම් සියල්ලක්ම දරද්දී පවා සිය අරමුණ වෙනුවෙන් කැපවූ ඇයත්, ඇයවන් දිරිය කතකට ජවය දුන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් සැබැවින්ම සමාජයට ආදර්ශයක්.
