ඉදිරි කාලය තුළ පාතාලය අවසන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙලිවන බවත් අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ඒ සඳහා යම් කාලයක් ගතවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ දසවැනි පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද පාර්ලිමේන්තුවේදී එතුමාගේ සභාපතීත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී ය.
මෙහිදී මෙරට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව පිළිබඳ අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසා සිටියේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කොට ඇති බවත් ඉදිරියේදී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතකොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බවත්ය.
එසේම ජාතික ආපදා කමිටුව ස්ථාපිත කිරීමේ අවශ්යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්ය උපදෙස් ලබා දුන්නේය
.
නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි, ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්රාමික), අමාත්යවරුන්, නියෝජ්ය අමාත්යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් ද ආරක්ෂක අමාත්යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික), ත්රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අමාත්යාංශය සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරී පිරිසක් ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්රධානී සහ නියෝජ්ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
May be an image of 2 people, dais and text
May be an image of 7 people, dais and text
May be an image of 5 people and text that says 'Photographed by Photographed y U.G J.G. Nuwan Duminda'
May be an image of 2 people and text
May be an image of ‎10 people and ‎text that says '‎ه 西 Photographed by J.G. Nuwan Duminda‎'‎‎

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top