පාප් වහන්සේට අසාධ්‍ය බව වතිකානය නිවේදනය කරයි

ශුද්ධොත්තම ෆැන්සිස් හිමිපාණන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව, වතිකානය පවසයි.

පසුගිය 14 වැනිදා ශුද්ධෝත්තම හිමිපාණන් රෝහල්ගත කෙරුණේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙනි.

මේවන විට අතිරේක ඔක්සිජන් ලබාදීම අඛණ්ඩව සිදු කරන බවද, ඊට අමතරව රුධිර පාරවිලන ක්‍රියාවලිය ද සිදු කරන බව විදෙස් මාධ්‍යවල දැක්වේ.

වයස අවුරුදු 21 දී පෙනහළු ආබාධයකට ගොදුරුවීමත් සමග ශුද්ධෝත්තම පියතුමන්ට වරින් වර ශ්වසන අපහසුතා ඇතිවීම සිදුවන බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

අසාධ්‍ය තත්ත්වයෙන් මුදාගැනීම සඳහා අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදුකෙරන බව, වතිකානය පවසයි.

මේ වන විට ශුද්ධෝත්තම හිමිපාණන්ගේ වයස, අවුරුදු 88 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top