කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා සැලකිලිමත්වන ලෙසට දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර තිබේ.

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බටහිර – වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව නිවේදනයේ සඳහන් වේ.

එය දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා – තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ළඟා වීමට ඉඩ ඇත.

එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං පැ.කි.මී. 60, සමගින් තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top