පෙනුම නිසා සෙක්ස් කැරැක්ටර් තමයි හම්බවෙන්නේ – මලීෂා කියයි

පසුගිය කාලයේ කෝලං කුට්ටම නාට්‍යයේ මනෝරි ටීචර්ගේ චරිතයෙන් වගේම, සල්ලි පොකුරු නාට්‍යයේ නයෝමිගේ චරිතය හරහා ද දක්නට ලැබුණ ඇය මේ දිනවල සියත නාලිකාවේ විකාශය වන මහේන්ද්‍ර කුලසිංහ අධ්‍යක්ෂණය කරනු ලබන නිමාවක් නැති ආදරේ හි මීෂා ලෙසින් ඔබ හමුවට එනවා. නමින් මලීෂා බණ්ඩාර වන ඇයගේ කතාවයි මේ.

මලීෂා, මේ දවස්වල ‘නිමාවක් නැති ආදරේ’ එක්ක දකින්න ලැබෙනවා?

ඇත්තටම මට ලැබෙන ප්‍රතිචාර නම් හොඳටම හොඳයි. ගොඩක් අය මේ නාට්‍ය නරඹනවා. මම පාරේ යද්දිත් සමහරු මට මීෂා මීෂා කියලා කතා කරනවා. නිමාවක් නැති ආදරේ අධ්‍යක්ෂවරයා වන මහේන්ද්‍ර කුලසිංහගෙන් තමයි මට මේ ආරාධනාව ලැබුණේ. ඔහු මට මේ ආරාධනය කරන්නෙ ශිවගුරුනාදන් සර්ගේ සල්ලි පොකුරු නාට්‍යයේ මම රඟපෑ චරිතය දැකලා.

මීෂා ගැන රසිකයො මොකද කියන්නෙ?

මීෂාට ආදරේ කරන පිරිසක් වගේම බනින පිරිසකුත් ඉන්නවා. වයසක කෙනෙක් කසාද බැඳලා එයාගෙන් ලැබෙන්නේ නැති දේවල් ඉස්සරහ ගෙදර බෝඩිමේ පිරිමි ළමයාගෙන් බලාපොරොත්තු වෙන ජවනිකා කිහිපයක් තියෙනවානේ. ඒවාට සමහර මිනිස්සු කැමැති නැහැ. ඇය අඳින විදිහ, කතාබහ කරන විදිහ හරි හුරතල්නේ. මීෂා කියන්නේ අවුරුදු විසිදෙකක වගේ පොඩි ගැහැනු ළමයෙක්.

මීෂා වගේ චරිත හමුවෙලා තියෙනවාද?

මගේ වටපිටාව ඇතුළේ හම්බවෙලා නැහැ. හැබැයි ඒ වගේ කතා යාළුවන්ගෙන් එහෙම අහලා තියෙනවා. වර්තමානයේ තියෙන කාලෝචිත කතාවක් තමයි නිමාවක් නැති ආදරේ කියන්නේ. ඇත්තටම මේ නාට්‍යයෙන් සමාජයට පණිවුඩයකුත් ලබාදෙනවා.

පසුගිය කාලයේ අපිට ඔබව කෝලම් කුට්ටමෙන් සහ සල්ලි පොකුරු නාට්‍යයෙන් දකින්න ලැබුණා?

මම මුලින්ම රංගනය ඉගෙන ගත්තේ ඉම්පාස් ආයතනයෙන්. ඊට පස්සේ සද්ධාමංගල සර්ගේ සහ ශිවගුරුනාදන් සර්ගේ කෝලං කුට්ටම නාට්‍යයේ මනෝරි ටීචර්ගේ චරිතය රඟපෑවා. එතැනින් පස්සේ ශිවා සර්ගේ, සද්ධා සර්ගේ සල්ලි පොකුරු නාට්‍යයේ නයෝමිගේ චරිතය රඟපෑවා. කෝලම් කුට්ටමේ මනෝරිගේ චරිතයට වඩා සල්ලි පොකුරු ටෙලිනාට්‍යයේ නයෝමිගේ චරිතයට වැඩි ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය මාව හඳුනාගත්තේ නයෝමිගේ චරිත හරහායි. අදටත් සමහර අය නයෝමි කියලා කතා කරනවා.

පෙනුම හින්දා වැඩිපුර ලැබෙන්නේ පෙම්වතියගේ චරිතයද?

පෙනුම නිසා සමහර වෙලාවට වෙනස්ම චරිත ලැබෙනවා. නිමාවක් නැති ආදරේ කියන්නේ මම ප්‍රධාන චරිතයක් කරන පළමුවැනි ටෙලිනාට්‍යය. ඒක මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක්. මහේන්ද්‍ර සර්ගෙන් තමයි මට ප්‍රධාන නිළියගේ චරිතය රඟපාන්න ලැබුණේ. මේ නාට්‍ය නිෂ්පාදනය කරනු ලබන්නේ සියත නාලිකාවෙන්. ඉතිං ඒක මට සුවිශේෂයි. මුලින්ම මම රඟපෑවේ පොඩි චරිත. පෙනුම නිසා පෙම්වතියේ චරිත වගේම සෙක්ස් පැත්තට බර කැරැක්ටර් තමයි මට ගොඩක් වෙලාවට හම්බවෙන්නේ.

මලීෂා ටිකක් වෙනස්ම විලාසිතාවලට කැමැතියි?

මම තැනට ඕනෑ විදිහට අඳිනවා. මගේ ෆිගර් එක හරියට තියෙන නිසා ලස්සනට අඳින්න කැමැතියි. අනික මම ගොඩක් ව්‍යායාම් කරන කෙනකුත් නෙමෙයි.

ටැටූ විලාසිතාවලට අකමැතිද?

මම මුලින්ම ටැටූ විලාසිතා කළා. දැන්නම් පොඩ්ඩක්වත් ආසා නැහැ. මොකද ඒ ටැටූස් හින්දා සමහර වෙලාවට මට ඩ්‍රාමාවල ඉන්න තියෙන අවස්ථා නැතිවුණා.

විලාසිතාවලට සීමාවක් නැතිද?

මම අඳින්නේ, පලඳින්නේ මගේ ශරීරයට ගැළපෙන විදිහට. මනාලිය නිරූපිකාවක් විදිහට මුලින්ම ක්‍ෂේත්‍රයට ආපු මම, ඊට පස්සේ තමයි ස්වර්ණවාහිනියේ අවුරුදු කුමාරිය තරගයට අයැදුම් කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top