සූර්ය පැනල අකර්මන්‍ය කිරීම පිටුපස විදුලි ගාස්තු වැඩි වෙන ලකුණු!

විදුලි පාරිභෝගික සංගමය චෝදනා කරන්නේ සූර්ය පැනල අක්‍රිය කිරීම පිටුපස 40%ක විදුලි ගාස්තු වැඩි කිරීමේ උත්සාහයක් ඇති බවයි.

බලශක්ති විශේෂඥ ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන පවසන්නේ, අඩු විදුලි ඉල්ලුමක් ඇති විට සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට එන විදුලිය එහි සමතුලිතතාවයට බාධාවක් නොවන බවයි.

විදුලිබල මණ්ඩලය පෙරේදා(12) ඉල්ලීමක් කරමින්, ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීමට, 21 වැනිදා දක්වා වහල මත සූර්ය පැනල පස්වරු 3 දක්වා ක්‍රියාවිරහිත කරන ලෙස ඉල්ලා ඇත.

උත්සව සමයේ අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් පද්ධතියේ සමතුලිතතාව රැක ගැනීමට මෙම පියවර ගත් බව විදුලිබල මණ්ඩලය පවසයි.

පසුගිය පෙබරවාරි 9 වැනිදා දිවයින පුරා විදුලිය ඇනහිටියේ, අඩු ඉල්ලුමකදී වැඩි විදුලි සැපයුමක් ලැබීමෙන් පද්ධතියේ ඇති වූ අසමතුලිතතාව නිසා බව මණ්ඩලය සඳහන් කළේය.

අශෝක අබේගුණවර්ධන අවධාරණය කරන්නේ, සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය පද්ධතියට එකතු කිරීමේදී ආරක්ෂණ පද්ධතියක් නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බවයි.


වෙනත් පුවත්

විදුලි ගාස්තු 40%කින් වැඩි වෙන ලකුණු!

සූර්ය විදුලිය අක්‍රිය කිරීම පිටුපස 40%ක විදුලි ගාස්තු වැඩි කිරීමේ උත්සාහයක් ඇති බව විදුලි පාරිභෝගික සංගමය චෝදනා කරයි.

සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසන්නේ, සූර්ය කර්මාන්තයට එල්ල වූ ප්‍රහාරයෙන් ව්‍යවසායකයින්ට රු. මිලියන 550කත්, රජයට රු. මිලියන 1100කත් පාඩුවක් සිදුව ඇති බවයි.

“මෙම ක්‍රියාවලිය නිසා ඒකක ලක්ෂ 790ක අඩු වියදම් විදුලිය පද්ධතියට අහිමි වී ඇත. ඒවා නවත්වා ඉන්ධන බලාගාර ධාවනය කිරීමෙන් රු. මිලියන 200ක පාඩුවක් ඇති වෙනවා. රුපියල් 10කට ගත හැකිව තිබූ අඩු වියදම් විදුලි ඒකක අතහැර, රුපියල් 50-100ත් වැයවන බලාගාරවලින් විදුලිය මිලදී ගන්නවා.

මුළු පාඩුව රු. මිලියන 2100කි. මහජන උපයෝගිතා කොමිසම පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ජුනි සිට විදුලි බිල වැඩි කිරීමට සැලසුමක් ඇති බව පෙනෙනවා. රට අනුරට දුන්නා වගේ විදුලි බලය තිලක්ට දීලා!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top