කොටු කැපිල්ලට අහුවෙන්න එපා – ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරයි

කොටු කැපීම නමින් නීතිවිරෝධී සූදුවක් රටේ විවිධ ප්‍රදේශවලශවල ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරයි.

නීති විරෝධී ලෙස මුදල් එකතු කෙරෙන මෙම ක්‍රියාමාර්ගයේ හවුල්කරුවෙකු නොවන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහී අංක අනුමාන කරමින් එහි අංක රටාවේ අවසාන අංක දෙක උපයෝගී කරගෙන විවිධ පුද්ගලයින් නීති විරෝධී ලෙස කොටු කැපීම නමැති මෙම සූදුව ක්‍රියාත්මක කරන බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මෙම නීති විරෝධී සූදුවට මේ වන විට මහජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, මණ්ඩලය සිදු කරන වැටලීම් වලින් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඬුවම් පනවා ඇති බවත් මෙම නිවේදනයේ දැක්වේ.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දැනට හඳුනාගෙන ඇති එවැනි නීති විරෝධී ලොතරැයි සූදු පොලවල් පවත්වා ගෙන යන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම පිණිස අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැන්වීමට පියවර ගෙන ඇති බවද මෙහි සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top