මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයෙකු තරුණියකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නව දේශපාලන පක්ෂයකින් ලග්ගල ප්‍රාදේශීය සභාවට තරග වදින මෙම අපේක්ෂකයා දහනවහැවිරිදි තරුණයකට මෙසේ බලහත්කාර ලිංගික අතවරය සිදුකර ඇත.
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට ඊයේ දින ගෙයින් ගෙට යමින් සිටි අවස්ථාවක මෙම අතවරය සිදුවී ඇතැයි පොලිසියට කරන ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි.
ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් අතර ඝාතනයට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ද සිටින බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත්තු මන්නා පිහි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්වූයේ රත්මලාන මහින්දාරාම පාරේ පදිංචිව සිටි කාවින්ද ගයාෂාන් රණවක නොහොත් ටිකිරා නමැති 23 හැවිරිදි පුද්ගලයෙකි . තම පුතු අතුරුදහන් බවට මියගිය පුද්ගලයාගේ මව විසින් ඉකුත් 29 රාත්‍රී ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබිණි
ඒ අතරතුර ‘මොරටුව පාතාලයේ” නමින් තිබෙන සමාජ මාධ්‍යයේ ද මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධ කර තිබූ බවත් ඒ ඔස්සේ විමර්ශන කටයුතු පොලිසිය මගින් සිදු කරමින් සිටියදී මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුව මළ සිරුර සොයා ගැනිණි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගල්කිස්ස දිලංගා ගෝමස්)
