කොළඹ පුරපති පුටුව කාටද කියන එක මේ වෙද්දි කවුරුත් මඟබලාගෙන ඉන්න කාරණයක්.
ඒ නිසාම ඇයට උරුමව ඇත්තේ බර්ගර් නමක්. “ව්‍රායි” කියන්නේ ප්‍රංශ භාෂාවෙන් “සත්‍ය” යන තේරුම දෙන වචනයක් බැව් ඈ වරෙක කියලා තිබුණා.
දේශපාලන ක්‍රියාකාරිනියක හැටියට මේ නම වඩාත් කතාබහට ලක්වුණාට, ව්‍රායි කියන්නෙ පර්යේෂිකාවක් සහ කලාවට ලැදි කලාවත් එක්ක ගැවසෙන චරිතයක් කිව්වොත් හරි.
කසුන් කල්හාරගේ “මත් මල් සේනා…” ගීයෙහි Official Music Video එකේ නිරූපිකාව විදියට නිරූපණයෙන් එක්ව සිටින්නේත් ඇයයි.
ඒ වගේම ව්‍රායි දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ද වෙනවා. ඇගේ පළමු උපාධියත් මෝස්තර නිර්මාණකරණය පිළිබඳවයි.
ඒ වගේම චිත්‍ර කලාවටත් උපන් හපන්කම් ඇති ඈ, අපූරු චිත්‍ර ශිල්පිනියක් ද වනවා.
ගෙවුණු කාලයේ ඇය “පාරාදීසයේ කුරුල්ලෝ ( )” මැයෙන් අපූරු චිත්‍ර ප්‍රදර්ශනයක් ද පවත්වනු ලැබුවා.
ව්‍රායි කියන විදියට ඇය චිත්‍ර කලාව තෝරාගන්නේ මානසික නිදහස වෙනුවෙන්.
ඇගේ චිත්‍ර කලාව තුළත්, ‘කුරුළු චිත්‍ර’ හරි විශේෂයි. ඒ නිසාමයි ඇයගේ මංගල චිත්‍ර ප්‍රදර්ශනයත් කුරුල්ලන් වෙනුවෙන් වෙන්වන්නේ.
Channel E
