සෙනසුරාදා රාත්‍රියේ තායිලන්තයේ පතායා නගරයේ වෙරළ පාරේදී, ශ්‍රී ලාංකික සංචාරකයෙකුට සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් (Transgender Woman) විසින් අඩි උස පාවහන් යොදා පහර දී තිබේ.
ඇයගේ ප්‍රකාශයට අනුව, සංචාරකයා ඇය වෙත පැමිණ ඇති අතර, ඇය සිය සේවා ගාස්තුව තායි බාට් 2,000 ක් බව ඔහුට පවසා ඇත. පසුව ඔහු, ඇය ජීව විද්‍යාත්මක කාන්තාවක් දැයි තහවුරු කර ගැනීම සඳහා ඇයගේ ලිංගේන්ද්‍රිය ස්පර්ශ කිරීමට අවසර ඉල්ලා තිබේ.
“මම ඔහුට එක් වරක් ස්පර්ශ කිරීමට ඉඩ දුන්නා. නමුත් ඔහු මුදල් නොගෙවා නැවත වරක් මාව ස්පර්ශ කළ විට, මට කේන්ති ගියා, ඒ සමඟම ආරවුලක් ඇති වුණා,” මින්ට්‍රාන් පවසා ඇත.
“මම ඔහුගේ කමිස කොලරයෙන් ඇද්දා, ඔහුත් මගේ කොලරයෙන් ඇද්දා, එයින් මගේ පපුවේ සීරීමක් ඇති වුණා. මට තරහ ගිහින් අඩි උස පාවහනකින් ඔහුගේ ඔළුවට හතර පස් වතාවක් ගැහුවා.”
සේපාල මහතා පොලිසියට පවසා ඇත්තේ තමාට අවශ්‍ය වූයේ අවිනිශ්චිතතාවය හේතුවෙන් මින්ට්‍රාන්ගේ ලිංගිකත්වය තහවුරු කර ගැනීමට පමණක් බවත්, නමුත් එම “සමීප ස්පර්ශයෙන්” තමාට තෘප්තිමත් හැඟීමක් නොලැබුණු හෙයින් ගනුදෙනුව ඉදිරියට ගෙන නොයෑමට තීරණය කළ බවත්ය.
“මම ගනුදෙනුව අවලංගු කරලා යන්න හදද්දී තමයි ඒ කෙනා මගේ කමිස කොලරයෙන් පිටිපස්සෙන් ඇදලා අඩි උස පාවහනකින් මට ගැහුවේ,” ශ්‍රී ලාංකික සංචාරකයා පවසා තිබේ.
